The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල.

PDF Print Email

 

රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල

 

 

01.  හැඳින්වීම 

රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල 1942 අංක18 දරණ රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල් ආඥා පනත යටතේ  1942-04-01 දින මාසික වැටුප් ලබන ස්ථිර විශ්‍රාම වැටුප් රහිත රාජ්‍ය සේවකයින් සඳහා සේවා අවසාන මූල්‍ය ප්‍රතිලාභ සහතික කරනු වස් ආරම්භ කරන ලද අතර 2003 අංක17දරණ සංශෝධන පනත මඟින් අරමුදලේ අරමුණු හා පරමාර්ථ තවදුරටත් පුළුල් කර ඇත. 

02.  අරමුදලේ ව්‍යුහය  

1970-12-23 දින සිට රාජ්‍ය පරිපාලන විෂය භාර ගරු ඇමතිවරයා වෙත කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයන් පත්කීරීමේ බලතල පැවරී ඇති අතර එහි සාමාජිකයන් පහත පරිදි වේ.   

1.      විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් (සභාපති)

2.      උප නීතිපති (සොලිටර් ජනරාල්)

3.      කම්කරු කොමසාරිස් හෝ නියෝජ්‍ය කොමසාරිස්වරයකු

4.      වාරිමාර්ග අධ්‍යක්ෂ හෝ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු

5.      අරමුදලට දායක වන තැනැත්තන්ගෙන් එක් අයෙක් වශයෙනි

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල් කළමනාකරණ මණ්ඩලයේ ලේකම් හා ගණකාධිකාරි පත්කිරීම සිදු කරනු ලැබේ.

03.  අරමුණ:

අරමුදලේ අරමුණ හා පරමාර්ථය වනුයේ විශ්‍රාම වැටුප් රහිත මාසික වැටුප් ලබන රාජ්‍ය සේවකයින් සඳහා අර්ථසාධක ක්‍රමයක් ඇති කිරීමයි. 2003-01-01 දින සිට විශ්‍රාම වැටුප් නොලබන  හා කිසිදු සමාජ ආරක්ෂණයක් නොමැති සියලුම රාජ්‍ය සේවකයින් සඳහා අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීම ව්‍යාප්ත කර ඇත.

04.  අරමුදලේ කාර්යයන්

1.      අරමුදල සඳහා දායකයින් බඳවා ගැනීම, ලියාපදිංචි කිරීම හා සාමාජික අංක නිකුත් කිරීම.

2.      අරමුදලට දායක වන සියළුම දායක දායිකාවන්ගේ දායක මුදල් අරමුදලට බැර කිරීම.

3.      එම අය කරනු ලබන මුදල් පිළිබඳව වාර්තා ගෙන්වා ගැනීම හා එම තොරතුරු නිසි පරිදි එක් රැස් කිරීම

4.      දායක මුදල් ආපසු ගෙවීම.

5.      අරමුදලට එකතු වන හා අතිරික්ත මුදල් දායකයින්ට වැඩි පොළියක් ගෙවිය හැකි වන පරිදි රජයේ සුරැකුම් පත්වල ආයෝජනය කිරීම. 

05. සාමාජිකත්වය ලබා ගැනීමට සුදුසුකම් ලබන නිලධාරින්  

1.      විශ්‍රාම වැටුප් අහිමි ස්ථිර රජයේ සේවකයින්

2.      තාවකාලිකව මාසික වැටුප් හෝ දෛනික වැටුප් ලබන රජයේ සේවකයින්

3.      කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලබන විශ්‍රාමකයින් නොවන සේවකයින්

4.      ශ්‍රී ලාංකික විදේශ දූත මණ්ඩලයක සේවය කරනු ලබන විශ්‍රාම වැටුප් රහිත විදේශීය සේවකයකු හෝ වැටුප් රහිත ශ්‍රී ලාංකික සේවකයකු

5.      අමාත්‍ය කාර්ය මණ්ඩලවල නියුතු නිලධාරින් සහ පළාත් සභා අමාත්‍ය කාර්ය මණ්ඩලවල නියුතු නිලධාරින්

6.      ශ්‍රී ලංකා පොලිස් උප සේවයේ නිලධාරින්

මීට අමතරව පෙර ශ්‍රී ලංකා පොලිස් උප සේවයේ නිලධාරින් ලෙස හා සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරින් ලෙස පත්වීම් ලද නිලධාරින් රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය ලබා තිබිය යුතු අතර වර්තමානයේ මෙම සේවකයින් නිත්‍ය සේවයට අන්තර්ග්‍රහණය කර ඇත. 

06.  සාමාජිකත්වය ලබා ගැනීමට සුදුසුකම් නොලබන නිලධාරින්   

1.      විශ්‍රාමික රජයේ නිලධාරින්

2.      වයස අවු.60 ඉක්මවූ නිලධාරින් 

3.      “ට” උපලේඛනයට අයත් අමාත්‍ය කාර්ය මණ්ඩල නිලධාරින් එම තනතුරුවල වසර 05ක සේවා කාලයක් සපුරා ඇති විට විශ්‍රාම වැටුපකට හිමිකම් ලබන අතර, එලෙස විශ්‍රාම වැටුප් ලබන නිලධාරින් නැවතත් සේවයේ යොදවා ගන්නා විට මෙම අරමුදලේ සාමාජිකත්වය ලබා ගැනීමට සුදුසුකම් නොලබයි.     

07.  සාමාජිකත්වය ලබා ගැනීම   

1.    මෙම අරමුදලේ සාමාජිකත්වය හා දායකත්වය ලබා ගැනීමට සුදුසුකම් ලබන නිලධාරියා විසින් PD1(N)  අයදුම් පත්‍රය සම්පූර්ණ කර සේවා ආයතනයේ ප්‍රධානියා වෙත භාර දිය යුතුය.  

2.      දෙපාර්තමේන්තුව / අදාළ ආයතනය විසින් PD2 (N) පිරවිය යුතුය. එම PD1(N)  හා PD2(N) ආයතන ප්‍රධානියා මඟින් රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල වෙත එවිය යුතුය. 

3.      රා.සේ.අ.අ. ලියාපදිංචි අංකය දන්වා එවන ලිපියේ පිටපතක් අදාල දායකයාගේ පෞද්ගලික ලිපිගොණුවට අමුණා තැබිය යුතුය.

4.      දායකයාට අංකය පිළිබඳ දැනුවත් කිරීම අදාල ආයතන ප්‍රධානින් විසින් සිදු කලයුතුය.

5.      නිලධාරින්ගේ චර්යා සටහන් පත්වල මෙම තොරතුරු අඩංගු කිරීම වැදගත් වේ.

6.      දායක මුදල් සම්බන්ධයෙන් විස්තර විමසීමකදී, දායක මුදල් ආපසු ලබා ගැනීමකදී හෝ රා.සේ.අ.අ. සමඟ ලිපි හුවමාරු වන සෑම අවස්ථාවකදීම අදාල දායකයාගේ රා.සේ.අ.අ. අංකය සඳහන් කිරීම අනිවාර්ය වේ.

7.    අසම්පූර්ණ අයදුම් පත්‍ර සඳහා සාමාජික අංක නිකුත් කරනු නොලැබේ. ආයතන ප්‍රධානීන් මඟින් නොලැබෙන කිසිම අයදුම් පත්‍රයක් සඳහා සාමාජික අංක නිකුත් නොකරනු ලබයි.  

08.   දායක මුදල් අය කිරීම   

මෙම අරමුදලට දායක වන සියළුම දෙනා තම මාසික වැටුපෙන් 8% ප්‍රතිශතයක් අරමුදලට ගෙවිය යුතු වේ. එම දායක මුදල “අනිවාර්ය දායක මුදල” නම් වේ.

රජය විසින් ප්‍රසාද මුදල වශයෙන් අනිවාර්ය දායක මුදල මෙන් 1.5 (එකයි දශම පහ)ක 12% ප්‍රමාණයක් මෙම අරමුදලට බැර කිරීම සිදු කෙරේ. 2003-01-01 දින සිට අරමුදලට අය කරනු ලබන සියළුම මාසික දායක මුදල් ආසන්නම රුපියලට ගණනය කර අය කළ යුතුය. 

09.  දායක මුදල් එවිය යුතු ආකාරය 

මධ්‍යම රජයේ පළාත් සභාවල හා පළාත් පාලන ආයතනවල දායක මුදල් එවීමේදී,

1.     අනිවාර්ය දායක මුදල (8%) සඳහා මෙන්ම රජයේ ප්‍රසාද මුදල (12%) සදහා ද දායක මුදල් මාසිකව චෙක්පත් මඟින් පමණක් එවිය යුතුය. එබැවින් පත්විම් බලධාරින් අවශ්‍ය ප්‍රතිපාදන රාජ්‍ය අයවැය හෝ වෙනත් මූලාශ්‍ර වලින් සපයා තබා ගත යුතුය.

2.   2015.09.01 දින සිට මාසික ගිණුම් සාරාංශ මඟින් 8098 දරණ ගිණුමට දායක මුදල් බැර කිරීම සිදු නොකළ යුතුය.

3.   චෙක්පත් “සභාපති රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල” නමින් ලියා එවිය යුතුය.

4.    චෙක්පත සමඟ ‍අදාල තොරතුරු අනිවාර්යයෙන්ම එවිය යුතුය. 

10.  සාමාජිකත්වය අහෝසි වීම 

අරමුදලේ සාමාජිකත්වය දරමින් සිටින අයගේ සාමාජිකත්වය අහෝසි වීම පහත සඳහන් එක් කරුණක් මත සිදු විය හැක.

1.      විශ්‍රාම වැටුප් සහිත තත්ත්වයට පත්වීම.

2.      වයස අවු.60 හෝ අවු.55 සම්පූර්ණ වීම.

3.      ඉල්ලා අස්වීම.

4.      තනතුර අහෝසි වීම

5.      කොන්ත්‍රාත් කාලය අවසන් වීම.

6.      විනයාකූල හේතුවක් මත සේවය අහෝසි කිරීම.

7.      තනතුර අතහැර යාම.

8.      මිය යාම.  

11.   ප්‍රතිලාභ ලබා ගැනීම  

1.   PD1(P) අයදුම් පත්‍රයක් දායකයා විසින් නිසි පරිදි සම්පූර්ණ කර දායකයා අවසන් වරට සේවය කල ආයතන ප්‍රධානියා වෙත ඉදිරිපත් කළ යුතුය. අදාළ ආයතනය විසින් PD2(P) අයදුම් පත්‍රයක් සකස් කර රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල වෙත අවශ්‍ය අනෙකුත් ලේඛන ද සමඟ ඉදිරිපත් කල යුතුය. 

2.   අයදුම් පත්‍ර එවීමේදී දායකයා විසින් මීට පෙර මේ සම්බන්ධයෙන් ප්‍රදානයක් ලබා නොගත් බවට ආයතන ප්‍රධානීන් විසින් තහවුරුවක් ලබා දිය යුතුය.

3.   මියගිය දායකයන් සම්බන්ධයෙන් වන විට උරුමකරුවකු විසින් දායකයාගේ ප්‍රකාශය සම්පූර්ණ කළ යුතුය.

4.    රා.සේ.අ.අ. ප්‍රදානයන් ගෙවීමේදී සාමාජිකත්වය අහෝසි වීමට හේතු වූ  පළමු සිද්ධිය පදනම් කර ගන්නා අතර, රා.සේ.අ.අ. දායකත්වය අවසන් කළ දිනය වශයෙන් සලකන්නේ සාමාජිකත්වය අහෝසි වීමට හේතු වූ සිද්ධිය සිදු වූ දිනය වේ.

5.    රා.සේ.අ.අ. සාමාජිකත්වය ආරම්භ වූ දින සිට සාමාජිකත්වය අහෝසි වූ දින දක්වා පමණක් දායකයන්ගේ ගිණුමේ බැරට ඇති මුදල්වලට පොලී ගෙවනු ලබන නිසා ප්‍රතිලාභ ඉල්ලුම් කිරීමේදී සාමාජිකත්වය අහෝසි වූ වහාම අයදුම්පත්‍ර ඉදිරිපත් කරන්නේ නම් පහසු වනු ඇත.

6.    රා.සේ.අ.අ. සාමාජිකත්වය අහෝසි වූ විවිධ අවස්ථාවන්හිදී අයදුම්පත්‍ර සමඟ එවිය යුතු අනෙකුත් ලේඛන පහත පරිදි වේ.

·         රා.සේ.අ.අ. දායකත්වය සහිත පත්වීම් ලිපිය

·         ස්ථිර විශ්‍රාම වැටුප් සහිත තත්ත්වයට පත්කිරීමේ ලිපිය

·         ඉල්ලා අස්වීමකදී නම් ඉල්ලා අස්වීම අනුමත කල ලිපිය

·         සේවය අවසන් කිරීමේ ලිපිය/කොන්ත්‍රාත් සේවය අවසන් කල ලිපිය

·     වයස සම්පූර්ණ වීමකදී නම් දායකයාගේ උප්පැන්න සහතිකය

·         දායක මුදල් අයවීම් පිළිබඳ වාර්තාව

·         මීට අමතරව දායකයකු මිය ගිය අවස්ථාවකදී 

මරණ සහතිකය

විවාහ සහතිකය 

දරුවන්ගේ උප්පැන්න සහතිකය 

උරුමකරුවන් පිළිබඳ ප්‍රාදේශීය ලේකම්ගේ වාර්තාව 

 

7.  ඉහත සියළුම ලේඛණවල සහතික කල පිටපත් එවිය යුතු අතර සත්‍ය පිටපතක් බවට සහතික කල නිලධාරියාගේ නම සහිත නිල මුද්‍රාව තැබිය යුතුය.

8.      අදාල දායකයාට හිමි මුදල ඔහුගේ/ඇයගේ රාජ්‍ය බැංකුවක ඇති ගිණුමකට සෘජුව බැර කරනු ලැබේ. 

9.    අදාල දායකයාගෙන් රජයට අයවිය යුතු යම් මුදලක් වේ නම් එය අදාල ආයතනය වෙත චෙක්පතකින් ගෙවීමට කටයුතු කරනු ලැබේ. එබැවින් ප්‍රදානයන් ආපසු ගෙවන අවස්ථාවේදී රජයට අයවිය යුතු යම් මුදලක් වේ නම් ඒ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් PSPF 100 ආකෘතිය මඟින් මාණ්ඩලික නිලධාරියෙකු විසින් සහතික කර එවිය යුතුය.  

10.  ස්ථිර විශ්‍රාම වැටුප් හිමි තත්ත්වයට පත්වූ දායකයින්ගේ වැන්දඹු අනත්දරු  අරමුදලට අයවිය යුතු දායක මුදල් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් PSPF 101 ආකෘතිය මඟින් මාන්ඩලික නිලධාරියෙකු විසින් සහතික කර එවිය යුතුය. 

11.  සාමාජිකත්වය අහෝසි වීමේදී ලැබෙන ප්‍රතිලාභ  

·    සේවයෙන් ඉල්ලා අස්වීම, වයස සම්පූර්ණ වීම, තනතුරු අහෝසි වීම, කොන්ත්‍රාත් සේවා කාලය අවසන් වීම, මිය යාම යන කරුණු මත දායකත්වය අවසන් කරන අයට දායකයා විසින් බැර කර ඇති දායක මුදල හා ඊට අදාල වැල් පොළියත් රජය විසින් දෙනු ලබන රජයේ ප්‍රසාද මුදලත් ඊට අදාල වැල් පොළියත් ලැබීමට හිමිකම ඇත. (පනතේ 14 වගන්තිය) 

·     විනයානුකූල හේතුවක් මත සේවය අවසන් කිරීම, තනතුර අතහැර යාම වැනි කරුණු මත දායකත්වය අවසන් කරන අයට දායකයා විසින් බැර කර ඇති දායක මුදල සහ ඊට අදාල වැල් පොළිය පමනක් ලැබීමට හිමිකම ඇත. මෙම සේවා කාලය විශ්‍රාම වැටුප් ගණනය කිරීම සඳහා ගණන් ගනු නොලැබේ. (පනතේ 16 වගන්තිය) 

·     ස්ථිර විශ්‍රාම වැටුප් සහිත තනතුරට පත්වීමේදී දායකයින්ට තමා විසින් බැර කර ඇති දායක මුදල සහ ඊට අදාල වැල් පොළිය පමණක් ලැබීමට හිමිකම ඇත. මෙම සේවා කාලය විශ්‍රාම වැටුප් ගණනය කිරීම සඳහා ගණන් ගනු ලබන බව විශේෂයෙන් සැලකිය යුතුය. (පනතේ 20 වගන්තිය)

 

12.   විස්තර ලබා ගැනීම

 

රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල පිළිබඳ විස්තර අවශ්‍ය වන්නේ නම් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලේ පහත සඳහන් නිලධාරින් අමතා විස්තර ලබා ගත හැක.

 

·         ලේකම් හා ගණකාධිකාරි

රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව

කොළඹ 10

 

සෘජු දුරකථන අංක   011-2324375   / 011-2332347

ෆැක්ස් අංකය           011-2332347

 

 

·         පරිපාලන නිලධාරි

රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව

කොළඹ 10 

           

            සෘජු දුරකථන අංක  011-2325008  / 011-2209862

           

 

 

 

 

 

 


ආයතනයේ තොරතුරු

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව

මහලේකම් කාර්යාලය,
මාළිගාවත්ත,
කොළඹ 10.



දුරකථන:Hotline 1970 / 0112 209 870
ෆැක්ස් අංක:011 2342078
විද්‍යුත් තැපෑල:helpdesk@pensions.gov.lk
වෙබ් අඩවිය: www.pensions.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:14:22
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty