The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව අධ්‍යාපනය සහ පුහුණුව තෘතීය අධ්‍යාපනය සහ පුහුණුව පුහුණු ආයතනයන් ලියාපදිංචි කිරිම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර

  අවශ්‍ය පෝරම     අයදුම්පත     උපදෙස් පති‍්‍රකා
පුහුණු ආයතනයන් ලියාපදිංචි කිරිම

PDF Print Email

සියලුම වෘත්තීය පුහුණු ආයතන ලියාපදිංචි කිරීම

ලංකාවේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපනය හා පුහුණූව සපයන සියලු ආයතන ලියාපදිංචි කිරීම නෛතික අවශ්‍යතාවයකි. පුහුණු මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම 1990 අංක 20 දරණ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන පනතේ 14 වන වගන්තිය අනුව සිදුවේ. ශ‍්‍රී ලංකාවේ වෘත්තීය පුහුණුවේ තත්වය හා අදාළත්වය සහතික කිරීම සදහා 1995 සැප්තැම්බර් මස 07 වන දින දරණ අංක 887/8 දරණ (අති විශේෂ* ගැසට් පත‍්‍රය මගින් පුහුණු ආයතන ලියාපදිංචි කිරීමේ නිර්ණායක ප‍්‍රසිද්ධ කර ඇති අතර, ඒ අනුව පුහුණු ආයතන ලියාපදිංචි කිරීම සිදුවේ.
 
1990 අංක 20 දරණ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන පනතේ විධිවිධාන අනුව කොමිෂන් සභාවේ ලියාපදිංචිය ලබාගැනීමෙන් තොරව වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම කළමනාකරණය කිරිම හෝ පවත්වාගෙන යාම නොකළ යුතුය. ඒ අනුව, 1990 සිට වෘත්තීය පුහුණු ආයතන ලියාපදිංචි කිරීම සදහා කොමිෂන් සභාව ක‍්‍රියා කරගෙනයනු ලබන අතර, පළමුව කාණ්ඩ අනුව වෙන් කරන ලද තාවකාලික ලියාපදිංචිය ප‍්‍රදානය කෙරේ.
 

A හා Bකාණ්ඩයේ ලියාපදිංචිය වසර 03 ක් සදහා වලංගු වන අතර, C කාණ්ඩ‍යේ ලියාපදිංචිය වසර 02 ක් සදහා වලංගු වේ. මෙම කාලය අවසාන‍යේ දී ලියාපදිංචිය අවලංගු වන අතර, එය නැවත අලූත් කරගත යුතුය. මේ සදහා අදාල අයදුම්පත හා උපදෙස් පති‍්‍රකා කොමිෂන් සභා කාර්යාලයෙන් හෝ කොමිෂන් සභා වෙබ් අඩවියෙන් :www.tvec.gov.lk ලඛාගත හැකිය.

 
ලියාපදිංචි කිරීමේ කි‍්‍රයාපටිපාටිය
  1. ලියාපදිංචි කිරීම සදහා අයදුම්පත ක් ලැඛීම
  2. ලියකියවිලි පරීක්‍ෂාව
  3. අයදුම්පතෙහි අඩුලූහුඩුකම් දන්වා යැවීම
  4. සම්පූර්ණ කරන ලද අයදුම්පත නැවත ලැඛීම
  5. ආයතනය භෞතික ඇගයීම
  6. භෞතික ඇගයීමේ ප‍්‍රතිඵල දන්වා යැවීම
  7. ලියාපදිංචි සහතිකය නිකුත් කිරීම :කොමිෂන් සභා අනුමැතියෙන් අනතුරුව(දල කාලය සති 12 කි)

 ලියාපදිංචි කිරීමේ නිර්ණායක

  1. විෂයමාලාව සහ පාඨමාලාවට අවශ්‍ය අනෙකුත් මුද්‍රිත ද්‍රව්‍ය
  2. මනා සංවිධානය සහ පුහුණු පහසුකම්
  3. ගුරුමණ්ඩලයේ සුදුසුකම්, පළපුරුද්ද හා ඉගැන්වීමේ හැකියාව
  4. පුහුණුව ලබාදම හා ඇගයම
  5. ශිෂ්‍ය සුභසාධන පහසුකම් හා සේවා
  6. කලමණාකරණය හා වාර්තා පවත්වාගෙන යාම

ලියාපදිංචි කිරීමේ කාණ්ඩ

C කාණ්ඩය
අවම පහසුකම් සහිත බැවින් තාවකාලික ලියාපදිංචිය වසර 02 කට ලබාදේ.

B කාණ්ඩය
තාවකාලික ලියාපදිංචිය සදහා පූර්ණ සුදුසුකම් ලබන අතර ලියාපදිංචිය වසර 03 කට ලබාදේ.

A කාණ්ඩය
C හෝ B කාණ්ඩයේ තාවකාලික ලියාපදිංචිය ලැබ නිපුණතා සම්මත තිබෙන තම පාඨමාලාවලින් 50‍% පතීතනය කරගෙන තිබීම.

A+ කාණ්ඩය
බාහිර විගණනය සහිත තත්තව කලමණාකරණ පද්ධතියක් ස්ථාපිතකොට පවත්වාගෙන යාම.

ලියාපදිංචි කිරීමේ ගාස්තු

තාවකාලික ලියාපදිංචිය සදහා අදාල ලියාපදිංචි කිරීමේ ගාස්තු පහත පරිදි වේ.

මහා භාණ්ඩාගාරයෙන් අරමුදල් ලබන රජයේ පුහුණු ආයතන තම අයදුම්පත සමග රු.500.00 ක ගාස්තුවක් ලබාදිය යුතුය.

පෞද්ගලික හා රාජ්‍යය නොවන සංවිධාන වලට අයත් පුහුණු ආයතන

  • A+ කාණ්ඩය අයත් පුහුණු ආයතන  - රු. 3,000.00
  • A කාණ්ඩය අයත් පුහුණු ආයතන  - රු. 2,500.00
  • B කාණ්ඩය අයත් පුහුණු ආයතන  - රු. 1,500.00
  • C කාණ්ඩය අයත් පුහුණු ආයතන  - රු. 1,000.00

අවම ලියාපදිංචි කිරීමේ ගාස්තුව වන රු. 1,000.00 ක් සමග ලියාපදිංචි කිරීම සදහා අයදුම්පත ඉදිරිපත් කලයුතු අතර, පුහුණු ආයතනයේ කාණ්ඩය තීරණය වීමෙන් අනතුරුව ඉතිරි ගෙවීමක් ඇතොත් එම මුදල ගෙවිය යුතුය.  පුහුණු ආයතනයේ පහසුකම් ප්‍රරමාණවත් නොවීම හේතු කොටගෙන කරනු ලබන නැවත ඇගයීම් සදහා රාජ්‍ය හා සියලූ පෞද්ගලික හා රාජ්‍ය නොවන සංවිධාන වලට අයත් පුහුණු ආයතන රු. 1,000.00 ක් ගෙවිය යුතුය.

ලියාපදිංචි කිරීමේ ගාස්තු ගෙවන ආකාරය

  • ගෙවන කාර්යාලය  “නාරාහේන්පිට”ලෙස සදඟන් කල නියෝජ්‍ය අධ්‍යක්ෂ මුදල් නමින් ලියූ මුදල් ඇණවුමකින්
  • කොමිෂන් සභා කාර්යාලයට කෙලින්ම කරනු ලබන මුදල් ගෙවීමකින්

සේවා වගකීම්
ඩඛ්ලිව්. කේ. ඞී. හරිස්චන්රණතා   මහතා
වැඩසටහන් නිළධාරි
දුරකතන: 011-5867713
විද්යුත් තැපැල: harischandra@tvec.gov.lk


ආයතනයේ තොරතුරු

තෘතීයීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව

අංක 354/2,
නිපුණතා පියස,
3 වන මහල,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05



දුරකථන:011 7608000
ෆැක්ස් අංක:011 2555007
විද්‍යුත් තැපෑල:info@tvec.gov.lk
වෙබ් අඩවිය: www.tvec.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-09-15 04:32:38
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty