ශ්‍රී ලංකා තේ මණ්ඩලය | |
අංක 574, මාර්ග සිතියම ආයතන ප්‍රධානී සභාපති දුරකතන : 011 2590968 ෆැක්ස් : 011 2585701 සම්බන්ධීකරණ නිලධාරී
සාමාන්‍ය තොරතුරු Telephones : + 94-11-2587814 / + 94-11-2587773 Other Office Details: ශ්‍රී ලංකා තේ මණ්ඩලය හැඳින්වීම වර්ෂ 2006 අංක 44, 2003 අංක 29, 1990 අංක 44, සහ 1985 අංක 17දරණ පනත් වලින් සංශෝධිත 1975 අංක 14 දරණ ශ්‍රී ලංකා තේ මණ්ඩල පනතේ විධිවිධාන යටතේ 1976 ජනවාරි 01 වන දින ශ්‍රී ලංකා තේ මණ්ඩලය රජයේ ව්‍යවස්ථාපිත මණ්ඩලයක් වශයෙන් ස්ථාපිත කරන ලදී. මෙම පණත යටතේ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ අග්‍රස්ථ ආයතනය වශයෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය කටයුතු කරයි. ජාතික තේ කර්මාන්තය, සංවර්ධනය කිරීම, නියාමනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම මෙහි මුඛ්‍ය පරමාර්තය වේ. දැක්ම 2012 වර්ෂය වන විට ලංකාවේ තේ ප්‍රවර්ධනය කිරීම තුළින් ජාත්‍යන්තර පාන වෙළඳපොලෙහි ප්‍රමුඛතම පානය ලෙස පත්කිරීම සඳහා කැපවුණු, ශ්‍රී ලංකා තේ කර්මාන්තයේ අධිකාරය බවට පත්වීම. මෙහෙවර ශ්‍රී ලංකා තේ කර්මාන්තෙය් නියුතු වගාකරුවන්, කුඩා තේ වතුහිමියන්, තේ නිෂ්පාදකයින්, තේ අපනයනකරුවන් හා ජගත් තේ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවන් එලෙසම සපුරාලීම සහතික කරන අතරම ශ්‍රී ලංකා තේ ප්‍රවර්ධනය කරවමින් තිරසාර සංවර්ධනයක් පවත්වාගෙන යාමට තේ කර්මාන්තයේ නියුතු අනෙක් සියළු පාර්ශවකරුවන්ගේ අරමුණු සාක්ෂාත් කරවීමට කැපවීම.
|
සපයන සේවාවන්: තේ කම්හල් ලියාපදිංචි කිරීම අමු තේ දළු සඳහා වෙළෙඳ බලපත්‍ර ලබා ගැනීම කසල තේ සඳහා බලපත්‍ර ලබා ගැනීම අමු දළු සැපයුම් කරුවන්ට මිල ගෙවීම තේ කම්හල් වල ගුණාත්මක පද්ධති ස්ථාපනය කිරීම තේ අපනයනකරුවන් ලියාපදිංචි කිරීම |
අවසන් වරට මෙම පිටුව යාවත්කාලීන කලේ :2023-03-13 10:01:08